Skip to content

[woocommerce_checkout]

කල්ගතවූ තුවාලවලට ඉක්මන් සුවය ලබා ගන්නේ කෙසේද ?

තුවාලයක් යනු කුමක්ද?


තුවාලයක් යනු මතුපිට සමෙහි ඇති වන වෙන්වී යාමක් ලෙස හැඳින්විය හැකිය. තුවාලයක් හදිසි අනතුරකින් හෝ හෝ සැත්කමකින් පසුව ඇතිවිය හැකියි. මේවා බොහෝ විට සුව නොවී පවතින්නේ සිරුරේ අභ්‍යන්තරයේ පවතින දියවැඩියාව හෝ රුධිර වාහිනී සම්බන්ධ රෝගයක් හෝ  නිසා වීමට පුළුවන.  එසේ නොමැති නම් වයසට යාම නිසා සමෙහි ඇති වන වෙනස්කම් නිසාද තුවාල ඇතිවීමට පුළුවන.


කල් ගතවූ තුවාලයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද ?

බොහෝ විට තුවාල ඉතා ඉක්මනින් සංකීර්ණ නොවී සුව වීම සිදුවේ. තුවාලයක් සුව නොවී මාස තුනකට (3) වඩා වැඩි කාලයක් තිබෙන විට කල් ගත වූ තුවාල ලෙස හඳුන්වයි. ඇතැම් විට තුවාල සුව වී කාලෙකට පසුව නැවත ඇතිවීමට පුළුවන. එවිට ද කල් ගත වූ තුවාලයක් ලෙස හඳුන්වයි.


කල් ගත වූ තුවාල ඇති වීමට හේතු මොනවාද ?


1. දියවැඩියා රෝගී තත්ත්වය
2. මහලුවිය
3. රුධිර වාහිනී වල ඇතිවන රෝගී තත්වයන්
4. වකුගඩු ආබාධ
5. අධික තරබාරු බව


කල් ගතවූ තුවාල වර්ග මොනවාද ?

1. රෝගියාට ඇති කල්ගත වූ රෝගී තත්ත්ව නිසා ඇතැම්විට කල් ගතවූ තුවාල ඇති වෙයි.  ඇතැම් විට සමේ පවතින පවතින රෝග තත්ත්වයන් නිසාද කල් ගත වූ තුවාල බවට පත්විය හැකයි.

2. ඇඳ වන (Bed sours): මෙම තුවාල සම මතුපිටින් ඇති වී ඉතාම ගැඹුරට අස්ථි දක්වාම යාමටද හැකියාවක් ඇත.  සම මතුපිට ඇතිවන පීඩනය නිසා රුධිර ගමනා ගමනය අඩු වී මෙම තුවාල ඇති වේ.

3. දියවැඩියාව නිසා ඇති වන කල් ගතවූ තුවාල: දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධයක් ලෙස විශේෂයෙන්ම දෙපාවල මෙවැනි තුවාල ඇති වේ. නිසි ආකාරයෙන් දෙපා රැකබලා නොගතහොත් තුවාල වැඩිවේ. දියවැඩියාව නිසා කකුල් වල ඇතිවන තුවාල බොහෝ විට ඇති වන්නේ රුධිරයේ සීනි මට්ටම නිසියාකාරව පාලනය නොවීම නිසාය. මෙම තත්ත්වයට ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රතිකාර නොකළහොත් දෙපාවල කොටස් කපා ඉවත්කිරීමට පවා සිදුවීමට පුළුවන.

4. රුධිර වාහිනී රෝගී වීමෙන් ඇති වන තුවාල: දෙපාවල ඇති රුධිර වාහිනී වල ඇති වන ගැටළුවක් නිසා කකුල් වල තුවාල ඇති වීමට පුළුවන. ඇතැම්විට ගැටලුව ඇත්තේ දෙපා වල ඇති ශිරා වලයි. කකුල් වල ඇති වන තුවාල දණහිස සන්ධියේ සිට වළලූකර ප්‍රදේශය දක්වා බොහෝවිට ඇති විය හැකියි. මේවා ඇති වන්නේ දෙපාවල ඇති ශිරා වල සිදුවන රෝගී තත්ත්වයන් නිසා ය.


කකුල් වල ඇති තුවාල සිදුවී තුවාල සුව නොවීම පිළිබඳව සොයා ගැනීමට පරීක්ෂණ තිබේ ?



රෝගියාගේ දෙපාවල පිහිටි නාඩි පරීක්ෂාවෙන් වෛද්‍යවරයාට දෙපාවල රුධිර ගමනා ගමනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන. මෙහි දී නාඩි පිරික්සීමෙන් ලබාගන්න තොරතුරුවලින් රුධිර නාලවල අවහිරතා පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹීමට ද පුළුවන.

රුධිරයේ පවතින සීනි ප්‍රමාණය වැඩි වීම තුවාල පැසවීමට හේතුවකි. තුවාලය කොතරම් කුඩා වුවද රුධිර ගමනා ගමනය අඩුවක් තිබේ නම් ඉක්මනින්ම වෛද්‍යවරයකුට පෙන්විය යුතුය. තුවාලයේ ප්‍රමාණය කොතරම් කුඩා වුවත් සිදුවන්නේ ශරීරයට විෂබීජ ඇතුල් වීමයි. එමෙන්ම පටක විනාශ වීම ද සිදු වෙයි.

රුධිර නාල වල අවහිරතා පවතින බවට වෛද්‍යවරයාට හැඟී ගියහොත් පාදයට බයිපාස් (Bypass) සැත්කමක් සිදු කිරිමට වේ. මෙය සිදුකරන්නේ පාදයේ යම් ස්ථානයකින් ඉවත්කරගන්නා නහර කොටසක් යොදාගෙන අවහිරතා මඟ හරිමින් බයිපාස් සැත්කමක් මගිනි.

එම නිසා පාදයේ තුවාලයක් ඇති වුවහොත් වහාම ඒ පිළිබඳ රුධිර වාහිනී පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබගේ දෙපා ආරක්ෂා කර ගත හැකියි.

තුවාලයක් සුව වන්නේ කෙසේද ?

මෙය සංකීර්ණ ක්‍රියාවලියකි. සිදු වූ අනතුරේ ස්වභාවය අනුව තුවාල සුව වීම ද  වෙනස් වෙයි. තුවාලයේ ප්‍රමාණය, ගැඹුර සහ තුවාලය තිබෙන තැන අනුව සහ එක් එක් පුද්ගලයාගේ ශාරීරික සෞඛ්‍ය තත්වය මත තුවාලය සුව වීම වෙනස් ආකාරයකින් සිදුවේ.
මුලින්ම ලේ කැටියක් තුවාලය මතුපිට ඇති වන්නේ සෛල සහ ප්‍රෝටීන් වල එකතුවක් ලෙසයි. මෙම ලේ කැටිය සෑදීම මගින් තවදුරටත් ලේ ගැලීම නවතින අතර පිටතින්ම ඇති වන විෂබීජ ආසාදන නවතාලයි.
ඉන්පසු ප්‍රෝටීන් තන්තු සහ කොලැජන් වැඩීම සිදුවේ. මේ සමග අලුතෙන් රුධිරවාහිනී සහ මතුපිට සම වර්ධනය වීම සිදුවේ. කල් ගතවූ තුවාල සුව වීම සිදු වන්නේ සෙමින් වන අතර තුවාලය සුව වීම සිදුවන්නේ ඇතුලත සිට මතුපිටටයි.

තුවාලයක් හොඳ නොවන බව දැන ගන්නේ කෙසේද ?

1. තුවාලය අවට ප්‍රදේශය රතු පැහැ ගැන්වී, ඉදිමී, උණුසුම් ගතියක් ඇතිවීම
2. තුවාලය වේදනාකාරී වීම
3. තුවාලයෙන් පිටතට එන ශ්‍රාවයන් අවපැහැ ගැන්වී ඝන ස්වභාවය ගැනීම
4. වැඩිපුර ශ්‍රාවයන් පිටවීම
5. සති හතරක් හයක් (4-6) පමණ ගත වුවත් තුවාලයේ ප්‍රමාණය අඩු නොවීම
6. තුවාලයෙන් නිතර වැඩිපුර ලේ ගැලීම
7. තුවාලය කළු හෝ කහ පැහැ ගැන්වීම
8. ශරීරයට ඇති අපහසුව සහ උණ ගතිය
ඉහත ලක්ෂණ ඔබට තිබේනම් රුධිර වාහිනී සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගැනීම සුදුසුයි.

කල් ගතවූ තුවාලයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද ?

බොහෝ විට තුවාල ඉතා ඉක්මනින් සංකීර්ණ නොවී සුව වීම සිදුවේ. තුවාලයක් සුව නොවී මාස තුනකට (3) වඩා වැඩි කාලයක් තිබෙන විට කල් ගත වූ තුවාල ලෙස හඳුන්වයි. ඇතැම් විට තුවාල සුව වී කාලෙකට පසුව නැවත ඇතිවීමට පුළුවන. එවිට ද කල් ගත වූ තුවාලයක් ලෙස හඳුන්වයි.


කල් ගත වූ තුවාල ඇති වීමට හේතු මොනවාද ?


1. දියවැඩියා රෝගී තත්ත්වය
2. මහලුවිය
3. රුධිර වාහිනී වල ඇතිවන රෝගී තත්වයන්
4. වකුගඩු ආබාධ
5. අධික තරබාරු බව